ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු සඳහා අනුයුක්ත කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාල පරිපාලන කටයුතු සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් අවශ්‍යව ඇත. දෙමළ භාෂාව මනා ලෙස හැසිරවිය හැකිවීම අනිවාර්ය වේ.

ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම දිස්ත්‍රික්කවල පරිපාලන කටයුතු සඳහා අනුයුක්ත කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (ඕනෑම ශ්‍රේණියක) සිංහල භාෂාව හා දෙමළ භාෂාව මනා ලෙස හැසිරවිය හැකි නිලධාරියෙකු අවශ්‍යව ඇත. මෙම විශේෂ ව්‍යෘපෘති තනතුර සඳහා ප්‍රාදේශීය ලේකම් තනතුරට අදාල වරප්‍රසාද සියල්ල හිමිවේ.

ඉහත තනතුරු සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත නිලධාරීන් තමන් විසින් සකස් කරගන්නා ලද අයදුම් පත්‍රයක් පහත ලිපිනයට යොමු කරන්න.

ලිපිනය : ලේකම්,
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,
නිදහස් චතුරස්‍රය,
කොළඹ 07.
විද්‍යුත් ලිපිනය : info[at]moha.gov.lk
ඇමතුම් : +94 112 682 900