74 වන නිදහස් දින සැමරුම් උත්සවයේ දෙවන සංවිධාන කමිටු රැස්වීම දෙසැම්බර් 15 වන දින නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.

අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක්" යන තේමාව යටතේ 74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අභිමානවත්ව පැවැත්විමට තීරණය කර ඇති බව මෙහිදී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේය.
නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව ආගමික වතාවත් සිදුකිරීම, විදේශීය ආරාධිතයින් සහ දේශීය විශේෂ ආරාධිතයින්ට ආරාධනා කිරීම මෙන්ම ආසන වෙන් කිරීම, උත්සව භූමියේ පරිශ්‍රයෙහි ඉදිකිරීම් කටයුතු සහ ආචාර පෙළපාලිය හා සංස්කෘතික පෙළපාලිය යන අංශ පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

ජාතික නිදහස් උත්සවය නිසි ස්‍යෙඛ්‍ය ක්‍රමවේදයට අනුකූලව පූර්ව එන්නත්කරණයට ලක්වූ අය පමණක් සහභාගී කළ යුතු බව මෙහිදී තීරණය කළේය.

74 වන නිදහස් උළෙල සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවලට පැවරී ඇති වගකීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවිය.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් බුවනෙක බී.හේරත් මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී.ධර්මතිලක මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙන්ම ආරක්ෂක අංශ වල ප්‍රධානීන් සහ අමාත්‍යාංශ කිහිපයක අංශ ප්‍රධානීන් රැසක් එක්ව සිටියේය.

 

2  1

2  1

2  1

2  1

2  1

2  1

2  1

2  1