රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවා ව්‍යවස්ථාව කඩිනමින් සකස් කර සේවකයින්ගේ උසස්වීම් පටිපාටිය විධිමත් කිරීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2022.11.16 දින බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව දීර්ඝ කාලීන ගැටලුවක් වන සේවා ව්‍යවස්ථාව පිහිටුවීමට තමා සෘජුව මැදිහත් වන බවත් ඒ තුළින් තෘප්තිමත් සහ කාර්යක්ෂම රාජ්‍ය සේවකයින් පිරිසක් බිහි කළ හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

වර්තමානයට ගැලපෙන පරිදි රාජ්‍ය සේවකයින් නව තාක්ෂණය සමඟ වෙනස් විය යුතුයි. ඒ තුළින් ලෝකයේ අනෙකුත් රටවල් සමග අප රට ද ඉදිරියට යා හැකියි. රටක නිවරදි දත්ත පද්ධතියක් තුළින් විවිධ අක්‍රමිකතා වලක්වාගත හැකි බව රාජ්‍ය අමාත්‍යය අශෝක ප්‍රියන්ත මහතා රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කියා සිටියේය. මහජනතාවගේ විශ්වාසය රැකීම දේශපාලනඥයා සේම රාජ්‍ය නිලධාරියාගේ වගකීමක බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක මහතා, රෙජිස්ට්‍රාර් ජෙනරාල් පී.එස්.පී අබේවර්ධන මහතා ඇතුළු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ. 

01  01

 

01  01

 

01  01

 

01  01

 

01  01

 

01  01

 

01  01

 

01  01

 

01  01

 

01  01

 

 a