රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශය මගින් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලද සහතික පත්‍ර පාඨමාලා නිසි පරිදි අවසන් කළ සියලු නිලධාරීන් වෙන සහතික පත්‍ර ප්‍රදානය කිරීම පසුගිය 09 වන දා රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල මැදුර පරිශ්‍රෙය්දී සිදු කෙරිණි.


 

දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25කින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332කින් සමන්විත ස්වදේශ කටයුතු අංශයේ නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අරමුණු කර ගනිමින් ආරම්භ කළ පුහුණු පාඨමාලා අදියරේ පළමු පියවර ලෙස පැවැති මෙම පාඨාමාලා සඳහා කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්වල නිලධාරීන් සම්බන්ධ වී සිටියහ. එසේ සම්බන්ධ වූ නිලධාරීන් අතුරින් විනය කටයුතු සහතික පත්‍ර පාඨමාලාව අවසන් කළ නිලධාරීන් 93 දෙනෙකු, ප්‍රසම්පාදන සහතික පත්‍ර පාඨමාලාව අවසන් කළ නිලධාරීන් 88 දෙනෙකු, තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව අවසන් කළ නිලධාරීන් 41 දෙනෙකු සඳහා මෙහිදී සහතික පත්‍ර පිරිනැමිණි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය කළමණාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මැතිතුමා, රාජ්‍ය කළමණාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.ජී. විජයබන්දු මහතා ඇතුළු රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් බොහෝ පිරිසක් සම්බන්ධ වී සිටියහ. 

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07