දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිකරමින් පවතින ගොඩනැගිලි කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කරන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2022.11.29 දින රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කිහිපයක ගොඩනැගිලි ඉදිකරන කොන්ත්‍රාත් සමාගම් වල නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

මඩකලපුව , ගාල්ල, කෑගල්ල , පොලොන්නරුව යන දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඉදිවෙමින් පවතින ගොඩනැගිලිවල ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම මෙහිදී සිදුවිය.

නියමිත දිනට සහ ප්‍රමිතිය පිළිබඳව සෑහීමට පත් නොවන කොන්ත්‍රාත් සමාගම් අසාදු ලේඛනගත කිරීමට අදාල නිළධාරීන්ට මෙහිදී රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා උපදෙස් ලබා දුන්නේය. වර්තමානයේ කොන්ත්‍රාත්කරුවන්ට පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ජනතාවගේ බදු මුදල් ජනතාවගේ සේවය වෙනුවෙන් යෙදවීම සිදුකල යුතු බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පරිපාලන අවශ්‍යතාවය මත මෙම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිලි ඉදි වෙමින් පවතී.

මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක, අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) එච්.ඩබ්.
.එස්.පී ජයවර්ධන , මඩකළපු දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලායි කරුණාහරන් යන මහත්වරුන් මෙන්ම අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සැලසුම් අධ්‍යක්ෂකවරුන් සහ රාජ්‍ය නිලධාරීහු රැසක් එක්ව සිටියේය.

1 1 

1 1

1 1

1 1

 1