ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳ   සොයා බැලීමට විශේෂ කමිටුවක්  - රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියයි ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳ   සොයා බැලීමට විශේෂ කමිටුවක්  - රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියයි 

ග්‍රාම  නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ   ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ 2023.09.16 පැවැත්වූ  දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අතරතුර මාධ්‍යයට අදහස් දක්වමිනි. 
දෙදිනක් පුරා පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවේදී ග්‍රාම නිලධාරීන්ගේ පවතින ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එහිදී තීරණය වී ඇත්තේ ඔවුන්ට දැනට හිමි දීමනා වැඩි කිරීම සම්බන්ධ විශේෂ කමිටුවක් තුළින් තිරණය ගැනිමටයි.
රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේන්  සමන්විත  කමිටුවක් මඟින් ඉතා ඉක්මනින්ම ග්‍රාම  නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බවයි. දීර්ඝ කාලයක සිට ග්‍රාම නිලධාරීවරුන් තමන්ට හිමි දීමනා වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබිණි.

https://youtu.be/d9zRFaJA0FU