වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පස් මහල් ගොඩනැගිල්ල ගරු අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.17 දින විවෘත කරන ලදී.

වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පදිංචි පවුල් කීපයක් සඳහා ඉඩම් හිමිකම් බලපත්‍රය ලබාදීම ද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාව සඳහා සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, වෙළඳ වාණිජ්‍ය සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නාලින් ප්‍රනාන්දු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක , ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන ආනන්ද වන්නිනායක, එච්.එම් නන්දසේන යන මහත්ම මහත්මීන් මෙන්ම වත්තල ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

1  1

1  1

1  1

1  1

1  1

1  1

1  1

1  1

1   1