රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන වැඩබලන අමාත්‍යවරයා ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පත්කර තිබේ. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා චීනය බලා ගොස් ඇති හෙයින් එතුමන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් අමාත්‍ය ධුරයේ වැඩ බැලීමට අශෝක ප්‍රියන්ත මහතා පත්කර තිබේ.

as