ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය වාර්ෂිකව පවත්වනු ලබන "Best Annual Report & Accounts" යන තේමාව යටතේ 2017 වර්ෂය සඳහා පිළයෙල කරන ලද කාර්ය සාධන වාර්තාව වෙනුවෙන් 2019 වර්ෂයේදී පවත්වන ලද තරගයෙන් ශ්‍රී ලංකා ජනරජයේ අමාත්‍යාංශ අතරින් ප්‍රථම වතාවට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රථම ස්ථානය හිමි කර ගන්නා ලදී.

 

එම ප්‍රථම ස්ථානයට අදාල කුසලතා හා සහතික පත්‍ර පදාන උත්සවය 2019.10.25 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී. එම තරගාවලියේදී ප්‍රථම ස්ථානයට හිමි කුසලාන හා සහතික පත්‍ර ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනෙවිර්න මහතා විසින් ලබා ගන්නා ලදී. මේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පුධාන මූල්‍ය නිලධාරී ආචාර්ය තාරක ලියනපතිරණ මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ගණකාධිකාරී ඩබ්ලිව්.ඒ.එන් චතුරානි මහත්මිය ද එක් වී සිටියහ.

annual-first-place-prize-giving-2017