ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ප්‍රාදේශීය මට්ටමෙන් නව ගොවි ව්‍යවසායකින් බිහි කළ යුතුයි - අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

කාබනික පොහොර නිෂ්පාදනය උදෙසා ප්‍රාදේශීය මට්ටමෙන් නව ගොවි ව්‍යවසායික බිහිකිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක , ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අමතමිනි.
ගොවිපොළ සඳහා කාබනික පොහොර යෙදීමේ දී ගොවි මහතුන් ඊට හුරු කිරිම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළ යුතු බව අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙන ලදී. ඒ තුළින් වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීමේ රජයේ වැඩ පිළිවෙල සාර්ථකව කර ගත හැකියි.
දිස්ත්‍රික් ලේකම්වරුන්ට රාජකාරී මට්ටමින් පවතින ගැටලු සොයා බලා ඊට විසඳුම් ලබාදීමට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවශ්‍ය කටයුතු මෙහිදී සිදු කරන ලදී.
වාරිමාර්ග අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවල වැඩසටහන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදු කිරීමේදී පවතින ගැටලු නිරාකරණය කිරීම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවේදී සිදුවිය.
කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම උදෙසා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පවතින ගැටලූ සොයා බැලීම සඳහා මාසිකව මෙම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මේ අවස්ථාවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ. ජී ධර්මතිලක යන මහත්වරු මෙන්ම අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.