ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතාව වැඩසටහනේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ප්‍රගති සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මැතුමාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 2022.11.30 දින පැවැත්විණි.


මෙම සාකච්ඡාව සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සැලසුම් අධ්‍යක්ෂ නිලධාරීන් සහභාගි විය.

* ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු ක්‍රියාකාරකම්,

* ගෙවතු සංවර්ධනය යටතේ පෝෂිත ගෙවත්තක් නිර්මාණය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය

* කෘෂි කාර්මික කටයුතු සඳහා අවශ්‍ය පොහොර බෙදාදීම

* පෝෂණ ඌනතා සහිත දරුවන් සහ ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යන අංශ පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මෙම සාකච්ඡාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු වන ආනන්ද වන්නිනායක, වර්ණ ශ්‍රී ධනපාල , පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්. එම්.එස් හේරත් , ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චේතිය වීරසූරිය මහත්වරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

1 1 

1 1

1 1

1 1

1 1