ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ජාතික ආහාර සුරක්ෂිතා වැඩ සටහනේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් 2022.12.16 දින හෝල්දී ගෝල් ශාලාවේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ,
වැවිලි හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත , කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා , ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සම්පත් අතුකෝරාල , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ , පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන , රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ , දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

 1 1

1 1

1 1

1 1 1