ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනේහි කෑගල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම 2022.12.17 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සහ දිස්ත්‍රික්කේ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් නගරසභා ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව , රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, තාරක බාලසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිකා වික්‍රමසිංහ, සුදත් මංජුල උදයකාන්ත ගුණතිලක යන මහත්ම මහත්මීන් මෙන්ම පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් සහ ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් ද රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ , සබරගමු පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් , කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය .

1  1

1  1

1  1

1  1

1  1

1  1

1  1