ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

75 වන ජාතික නිදහස් උත්සවය " නමෝ නමෝ මාතා සියවසකට පියවරක් " යන තේමාව යටතේ  අභිමානවත්  අයුරින්   පැවැත්වීමට රජය  තීරණය කර තිබේ. 
 
මෙවර ජාතික නිදහස් උත්සවය සම්බන්ධයෙන්  2023.01.03 (අද ) දින පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ  ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි.
 
  මෙවර 75 වන  නිදහස් උත්සවයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව  මුද්දර දෙකක් නිකුත් කිරීමටත්,  රුපියල් 1000 ක් වටිනාකමින් යුත් කාසි 75 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කිරීමට නියමිතයි.  
  ප්‍රධාන උත්සවයට අමතරව  දිස්ත්‍රික්  සහ ප්‍රාදේශීය මට්ටමින්  විවිධ සංස්කෘතික අංග ඇතුළත් වැඩසටහන් පැවැත්වේ. 
 
ගරු  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පෙබරවාරි 04 දින  ජාතික නිදහස් උත්සවය මෙවර ගාලු මුවදොර  අභියස දී පැවැත්විමට නියමිතයි . 
 
මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන කේ ජී ධර්මතිලක, ආනන්ද වන්නිනායක, වරුණ ශ්‍රී ධනපාල, ධම්මික මුතුගල යන මහත්වරුන්, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්,  මෙන්ම ත්‍රිවිධ හමුදාවේ අංශ ප්‍රධානීන්, අමාත්‍යාංශ කිහිපයක රාජ්‍ය නිළධාරීන් රැසක් එක්ව සිටියේය. 
 

1 1

1 1

1 1

1 1

1 1

1