ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

2023 වසරේ පළමු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව 2023.01.10 දින ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අලුත් ගමක් - අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන පිළිබඳ මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරු දැනුවත් කරන ලදී.
මෙම වැඩසටහන මෙහෙයවීම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදු කරන අතර ක්‍රියාත්මක කිරීම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබේ.

ජාතික ඒකබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන 2023- 2025 තුන් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීම දිවයිනේ සියළුම දිස්ත්‍රික්කයන් හි 2023 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ජානක වක්කුඹුර, ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ජනාධිපති උපදේශක සුරේන් බටගොඩ යන මහත්ම මහත්මීන් සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු අමාත්‍යාංශ රැසක රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියේය.

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1