ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ඩිජිටල් උප්පැන්න සහතික නුදුරේදීම නිකුත් කිරීමට නියමිතයි - ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා.

ඩිජිටල් උප්පැන්න සහතිකය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව පුත්තලම දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ , විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාව 2023.05.27 දින නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ආරම්භ කිරීමේ අවස්ථාව එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.

තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිත අතර විවාහ සහ මරණ සහතික ද ඩිජිටල් කිරීමටද නියමිතව ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අලුත් ගමක් - අලුත් රටක් ජාතික වැඩසටහනට සමගාමීව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උප්පැන්න, මරණ සහ විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාව දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මකයි.

ජංගම සේවාව තුළින් මෙම සහතික නිකුත් කිරීම දී කිසිදු මුදලක් අය නොකෙරේ.

දීර්ඝ කාලයක් නිත්‍යානුකුල විවාහ නොවී එකට ජීවත් වූ පවුල් හතරක් නීත්‍යානුකූල විවාහ දිවියට ඇතුළත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්. එස්. පී හේරත්, රෙජිස්ට්‍රාර් ජෙනරාල් සමන්ත විජසිංහ, නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ, මහවැව වැඩ බලන ප්‍රාදේශීය ලේකම් නාදිජා හේරත් යන මහත්ම මහත්මීන් ඉදිරියේ සිදුවිය.

මීට අමතරව අද පැවැති ජංගම සේවාව තුළින් උප්පැන්න , විවාහ සහ මරණ සහතික 500 ට ආසන්න ප්‍රමාණයක් නිකුත් කරන ලදී. [මාධ්‍ය ඒකකය]

1   1

1   

1   1

1   1