ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

මරණ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික ලබාදීමේ විශේෂ ජංගම සේවාව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2023.05.30 දින *ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අලුත් ගමක් - අලුත් රටක් ජාතික වැඩසටහනට සමගාමීව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව මෙම වැඩසටහන දියත් කෙරිණි.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීමට අවශ්‍ය කටයුතු වහාම සිදු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක මහතාට උපදෙස් ලබා දෙන ලදී.

අද දින පැවති මෙම ජංගම සේවාව තුළින් පුද්ගලයින් 300කට ආසන්න ප්‍රමාණයක්ගේ උප්පැන්න, මරණ සහ විවාහ සහතික ගැටළු සඳහා විසදුම් ලබාදීම හැකි විය.

මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්. එස්. හේරත්, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චතුර කුමාරතුංග, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

 

 

1

 

1

 

1

 

1

 

1

 

1

 

1

 

1

 

1

 

1