ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

 "ඉ - ග්‍රාම නිලධාරි" ව්‍යාපෘතිය මඟින් ගෘහ මූලික ලැයිස්තුව ඇතුළු පවූල් තොරතුරු ඩිජිටල් කිරීමට අදාල දත්ත එක්රැස් කිරීම් ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ සහතික නොමැති පුද්ගලයන්ට අදාල සහතික ලබාදීමේ විශේෂ ජංගම සේවාවට 2023.06.17 දින එක්වෙමිනි.

"ඉ - ග්‍රාම නිලධාරි " ව්‍යාපෘතියට අදාල දත්ත එක් රැස් කිරීම පුත්තලම,කළුතර,කොළඹ,ගම්පහ,හම්බන්තොට,මන්නාරම , මාතර යන දිස්ත්‍රික්ක මූලික කරගෙන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ග්‍රාම නිලධාරීන් විසින් සිදු කරනු ලබන මහජන සේවාවන් නව තාක්ෂණය සහිතව කාර්යක්ෂම ඉටුකිරීමට මෙම "ඉ - ග්‍රාම නිලධාරි" ජාතික ව්‍යාපෘතියේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම දිස්ත්‍රික්කය සඳහා අදාල කොට්ඨායේ ග්‍රාම නිලධාරි හෝ බලයලත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පැමිණ අදාල තොරතුරු ගැනීම ඉදිරියේදී සිදු කරනු ඇත.

"ඉ - ග්‍රාම නිලධාරි" ව්‍යාපෘතියට අදාළ තොරතුරු ඩිජිටල් කිරීමෙන් ඉදිරියේදී රාජ්‍ය සේවයෙන් ලබාගන්නා සේවාවන් සහ සහතික පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාගත හැකි.

මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්. පී හේරත්, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චතුර කුමාරතුංග, යන මහත්ම මහත්මීන් ඇතුළු ආරච්චිකට්ටුව, පල්ලම , හලාවත, මාදම්පේ ප්‍රාදේශීය ලේකම්වරු ද එක්ව සිටියේය.

 

1

 

 

 

1

 

 

 

1

 

 

 

1

 

 

 

1