ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ල එක වහලක් යටට...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ල එකම ස්ථානයකට ගෙන ඒමේ අරමුණින් ඉදිකරන ලද මහල් 09කින් සමන්විත පරිපාලන සංකීර්ණය "ලක් සියනෑ මන්දිරය" 2023.06.27 පස්වරු 4.00ට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම සිදුවිය.

භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 4000ක වියදමින් ඉදිකරන ලද මෙම පරිපාලන සංකීර්ණය වර්ග අඩි 2,25,000කින් සමන්විත වනු ඇත. සියලු පහසුකම් සහිත ආසන 1000කින් සමන්විත ශ්‍රවණාගාරයක් ද ආසන 400කින් සමන්විත අංග සම්පූර්ණ ආපන ශාලාවක් ද මෙයට ඇතුළත් වේ.

මෙම සංකීර්ණයෙහි කටයුතු ආරම්භ කිරීමත් සමග මෙතෙක් කලක් ගම්පහ නගරය ඇතුලු විවිධ ස්ථානවල පවත්වා ගෙන ගිය ප්‍රධාන රාජ්‍ය ආයතන 28ක් මෙම සංකීර්ණය වෙත ගෙන එනු ඇත. මීට අමතරව කච්චේරි පරිශ්‍රයේ පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන ද මෙම සංකීර්ණය වෙත ගෙන යන බැවින් ඒවාත් ඇතුළත්ව ආයතන 37ක් නව සංකීර්ණයෙහි ස්ථාපිත කරනු ලබයි.

එම ජනතාව වෙනුවෙන් සේවාවන් සැලසීම සඳහා රාජ්‍ය ආයතන සියල්ලෙහි සමස්ත කාර්ය මණ්ඩලය 1162 දෙනෙකු වෙති. මෝටර් රථ 209ක් හා බස් රථ 05ක් ගාල් කළ හැකි වාහන අංගනයකින් ද මෙම පරිපාලන සංකීර්ණය සමන්විත වන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතා පැවසීය.

මේ අවස්ථාවට නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේරසිංහ, සිසිර ජයකොඩි, ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, ජානක වක්කුඹුර , ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , මිලාන් ජයතිලක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාරය රොෂාන් ගුණතිලක යන මහත්වරුන් සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක , දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1