ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

76 වන නිදහස් දින සැමරුමේ ප්‍රථම අනු කමිටු රැස්වීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.10.13 දින ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත 76 වන නිදහස් දින උළෙල සම්බන්ධව ප්‍රථම අනු කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.13 දින ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය , ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ නිදහස් උත්සවයට සම්බන්ධ අමාත්‍යාංශ වල රාජ්‍ය නිලධාරින් මෙම ප්‍රථම අනු කමිටු රැස්වීමට එක් විය.

මෙම රැස්වීම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) කමල් ගුණරත්න, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන් මෙන්ම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1

 

 

1  1