emergancycontact

මාසිකව පැවැත්වෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අද( 30) ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි පැවැත්විණි. ඒ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ලේකම් එක්. එච් .එම් චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන්.

අද දින පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවේදී රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සමාජ ආරක්ෂක මණ්ඩලය වැනි ආයතන සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවතින ගැටලු සාකච්ඡාට ලක්විය . විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීමේ ක්‍රියාවලිය දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණ යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩයස් මහතා දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරන ලදී.


මෙම අවස්ථාවට එක්වූ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජනරාල් කමල් ගුණරත්න මැතිතුමා සඳහන් කළේ තරුණ ව්‍යවසායක ප්‍රජාව උදෙසා වන ඉඩම් ලබා දීමේ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කළ යුතු බවයි. විශේෂයෙන් ඉඩම් බලතල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම සම්බන්ධයෙන් සාකච්ඡා විය.

රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් මේ වන විට හඳුන්වා දී ඇති ව්‍යාපෘති ජනගත කිරීම පිළිබඳව රෙජිස්ටර් ජෙනරාල් එම්.එම්.බී. වීරසේකර මැතිතුමා දිස්ත්‍රික් ලේකම්වරු දැනුවත් කරන ලදී. සෞභාග්‍යය දැක්ම යථාර්ථයක් කරමින් උපත්, විවාහ, මරණ සහතික පිටපත් මාර්ගගත (online) ක්‍රමයට ලබා දීමේ වැඩපිළිවෙළෙහි පළමු අදියර ලෙස හම්බන්තොට වීරකැටිය ප්‍රාදේශි ලේකම් කාර්යාලයේ දී 2021.08.02 දින ආරම්භ කිරීමට නියමිතයි.

අද දින පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්, රාජ්‍ය සේවා පළාත් හා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් , රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු, සහකාර ලේකම්වරු එක්ව සිටියේය.

 

20 20

20 20

20 20

20 20

20 20

20 20

20 20

20

FaLang translation system by Faboba