- ආයතනික තොරතුරු
- සංවිධාන තොරතුරු
- මෙහෙයුම් තොරතුරු
- තීරණ සහ පනත්
- රාජ්‍ය සේවා තොරතුරු
- අයවැය තොරතුරු
- විවෘත රැස්වීම් තොරතුරු
- තීරණ ගැනීම සහ මහජන සහභාගිත්වය
- සහනාධාර පිළිබඳ තොරතුරු
- මහජන ප්‍රසම්පාදන තොරතුරු
- ලැයිස්තු, ලේඛන සහ දත්ත සමුදාය
- Information About Information Held
- ප්‍රකාශන පිළිබඳ තොරතුරු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තොරතුරු
- වෙනත් තොරතුරු
නවතම චක්‍රලේඛ
-
රාජ්‍ය වෙසක් මහෝත්සවය සැමරීම - ශ්‍රී බුද්ධ වර්ෂ 2568
(අංක. 08/2024) -
ග්‍රාම නිලධාරී දීමනා ගෙවීම
(අංක. 07/2024) -
දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දුරකථන භාවිතය
(අංක. 05/2024)
විශේෂ නිවේදන
ශිෂ්‍යත්ව
විභාග ප්‍රතිඵල
නවතම පුවත්
Uncategorised
තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය
තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය
පනත - 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත
නියෝග - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය
පොදු අධිකාරිය – ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන
ඉහත පනත යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.
තොරතුරු නිලධාරීන්
ආර්.ඒ.සී.එස්. රණවීර ආරච්චි මහතා දු.ක. :+94 112 050 320 |
එච්.එම්.නන්දසේන මහතා දු.ක. :+94 112 050 350 |
ඩබ්ලිව්.එම්.ඒ.පී.බී. වන්නිනායක මහතා දු.ක. :+94 112 050 390 |
ධම්මික මුතුගල මහතා දු.ක. :+94 112 050 380 |
වරුණ ශ්‍රී ධනපාල මයා දු.ක. :+94 112 050 430 |
තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම
තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම
- තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
- ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
- ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත
- ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
- තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත
- තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
- තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
- පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
- පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
- සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්රදානය කිරිම,
- වැඩිපුර ගාස්තු අයකිරිම,
- ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
- එම තොරතුරු වෙත එම පුරවැසියා ප්රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම
මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න
නම් කළ නිලධාරී
නම් කළ නිලධාරී
ප්‍රදීප් යසරත්න මහතා
ලේකම්
දු.ක. : +94 11 2695738 |
තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර
තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර
- තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය
අයදුම් පත්‍රය භාගත කිරීම - නම් කල නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය
අයදුම් පත්‍රය භාගත කිරීම
සංචාරක බංගලා වෙන්කර ගැනීම සදහා
අමාත්‍යාංශ නව ගොඩනැගිල්ලේ
("නිල මැදුර", ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05.)
14 වෙනි මහලට පැමිණිය යුතු බව කාරුණිකව සලකන්න
0112 050 332
☛ සංචාරක බංගලා වෙන් කර ගන්නා ආකාරය
- මෙම සංචාරක බංගලාව වෙන්කිරීමේ වරප්‍රසාදය හිමිව ඇත්තේ රාජ්‍ය අංශයේ / අර්ධ රාජ්‍ය අංශයේ නිලධාරීන්ට හා විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ට, රාජ්‍ය බැංකු නිලධාරීන්ට මෙන්ම ආරක්ෂක අංශයේ නිලධාරීන්ට (ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක) පමණක් බව කාරුණිකව සලකන්න.
- සංචාරක බංගලා වෙන් කර ගැනීම සඳහා මේ සමඟ දක්වා ඇති අයදුම්පත්‍රය නිසි පරිදි පුරවා, ආසන්නතම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, "නිල මැදුර", ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05 (14 වෙනි මහල ) වෙත පැමිණෙන්න.
- ඔබට සංචාර බංගලා වෙන් කර ගැනීමට හැකි වන්නේ ඔබ අයදුම්පත්‍රය ඉදිරිපත් කරන දින සිට දින 30ක් ඉදිරියෙන් ඇති (මාසයක් ඉදිරියෙන්) දිනක් සඳහා වේ.
- විමසීම් දුරකතන අංක - 0112 050 332
☛ සංචාරක බංගලා භාවිතයේදී පිළිපැදිය යුතු කොන්දේසි
සංචාරක බංගලාවේ නවාතැන් ගනු ලබන ඔබ පහත සඳහන් කරුණු පිළිබඳව ප්‍රමුඛතාවයක්, සැලකිල්ලක් දක්වනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.
- අයදුම්කරු සංචාරක නිවාසයේ අනිවාර්යයෙන් නවාතැන් ගැනීම සිදුකළ යුතු අතර සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමේදී රාජකාරී හැදුනුම්පත, අමාත්‍යාංශයෙන්/ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් අනුමත කරන ලද අයදුම් පතේ පිටපතක් හා මුදල් ගෙවන ලද කුවිතාන්සියේ මුල් පිටපත බංගලා භාරකරු වෙත අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය. අයදුම්පතෙහි සදහන් නොමැති පුද්ගලයන් සදහා නවාතැන් පහසුකම් නොසපයන ලෙස සංචාරක නිවාස භාරකරුවන් දැනුවත් කර ඇති බැවින් අයදුම්පතෙහි නම සදහන්ව නොමැති කිසිදු පුද්ගලයකු සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමට රැගෙන නොයා යුතුය. - සැ.යු - අයදුම්කරු නොමැතිව නවාතැන් ගැනීම සදහා පැමිණෙන පිරිස ආපසු හරවා යැවීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න.
- මෙම අමාත්‍යාංශයේ රාජකාරි අවශ්‍යතාවයකදී කෙටි දැනුම්දීමකින් මෙම වෙන් කිරීම අවලංගු කිරීමේ පදනම මත සංචාරක බංගලාව වෙන්කරනු ලැබේ. එවැනි අවස්ථාවක දී ගෙවන ලද මුදල ආපසු ගෙවනු ලැබේ.
- අයදුම්කරුගේ හේතුවක් මත වෙන්කරගත් සංචාරක බංගලාවක් භාවිතා කිරීමට නොහැකිවීම මත ඒ වෙනුවෙන් ගෙවන ලද මුදල් ආපසු ගෙවීමක් හෝ වෙනත් දිනයක් ලබාදීම සිදුකරනු නොලැබේ.
- වෙන්කරගත් අයදුම් පත්‍රය කිසිදු හේතුවක් නිසා හෝ වෙනත් අයදුම්කරුවෙකු වෙත පැවරීමට ඉඩ දෙනු නොලැබේ.
- නවාතැන් ගන්නා අයගේ අනන්‍යතාවය පිළිබඳව අයදුම්කරු සෑහීමකට පත්විය යුතු අතර, නවාතැන් ගන්නා කාල වකවානුව තුළදී ඒ සම්බන්ධයෙන් වන සියලු වගකීම් අයදුම්කරු විසින් දැරිය යුතුය.
- ඇඳ ඇතිරිලි, තුවා, කොට්ට උර හා ආහාර පාන සඳහා සංචාරක නිවාස භාරකරු වෙත ගෙවීම් කළ යුතුය. ආහාර පාන ලබා ගැනීමේදී සංචාරක නිවාස භාරකරු වෙතින් මෙනු පත විමසිය යුතු අතර ඒ අනුව අදාල මුදල් ගෙවිය යුතුය. සංචාරක නිවාසය තුලදී ගෙවන සෑම ගෙවීමකටම විධිමත් රිසිට් පතක් ලබා ගත යුතු වේ.
- සංචාරක නිවාසයේ ගත කරන කාලය තුළ එහි අභ්‍යන්තර හෝ බාහිර කිසිවකට අලාභ හානි නොකළ යුතුයි. එවැනි අලාභ හානියක් සිදුවුවහොත් එය යථා තත්වයට පත් කිරීමට වන සියළු වියදම් ඔබ විසින් දැරිය යුතුය.
- මෙම බංගලාවේ උත්සව හෝ සම්භාෂණ පැවැත්වීම හා මත්පැන්,දුම්වැටි භාවිතා කිරීම සම්පුර්ණයෙන්ම තහනම් වේ.
- ඔබ සංචාරක නිවාසයේ ගත කරන කාලය තුළ කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔබට විරුද්ධව යම් පැමිණිල්ලක් ලැබුණහොත් ඉදිරියේදී මෙම අමාත්‍යාංශයේ සංචාරක නිවාස වෙන් කිරීම පිළිබඳ ඔබේ හා පවුලේ අයගේ අයදුම්පත් සලකා බලනු නොලැබේ.
☛ සංචාරක බංගලා වෙන් කර ගැනීමේ අයදුම්පත / නව කාමර ගාස්තු / බංගලා භාරකරුවන්ගේ ඇමතුම් තොරතුරු
- සංචාරක බංගලා වෙන් කර ගැනීමේ අයදුම්පත
අයදුම්පත බාගත කරගන්න
- සංචාරක බංගලාවල නව කාමර ගාස්තු
කාමර ගාස්තු සටහන බාගත කරගන්න
- සංචාරක බංගලා භාරකරුවන්ගේ ඇමතුම් විස්තර
ඇමතුම් විස්තර බාගත කරගන්න
☛ බංගලා භාරකරුගෙන් ලබා ගත හැකි සේවා පහසුකම් හා සාමාන්‍ය මිල ගණන්
ඇඳ ඇතිරිලි තුවා ආදිය සඳහා මිල ගණන් (වෙනස් වීමට ඉඩ ඇත)
කුඩා ඇඳ ඇතිරිලි | රු. 50.00 |
ද්විත්ව ඇඳ ඇතිරිලි | රු. 50.00 |
කොට්ට උර | රු. 20.00 |
පොරවන | රු. 50.00 |
තුවා | රු. 25.00 |
නිවේදනය:- අදාළ රෙදිපිළි ඉතා යහපත් හා පිරිසිඳු මට්ටමෙන් ලබා දීමට බංගලා භාරකරු බැඳී සිටී. ඒවා භාවිතා කළ නොහැකි අපිරිසිඳු මට්ටමින් පවතී නම් ඒ බව භාවිතා කිරීමට ප්‍රථම බංගලා භාරකරුට දැන්වීම හා යහපත් ඒවා ලබා ගැනීම ඔබගේ ද වගකිමකි.
ඔබ හා ඔබගේ කණ්ඩායම බංගලා භාරකරුගෙන් ආහාර පාන මිල දි ගන්නේ නම්, ඔහුගේ ආහාර පාන වට්ටෝරුවෙන් අදාළ ආහාර පාන අවශ්‍යතාවයට පැය 3කට කලින්වත් ඇණවුම්කර ලබාගත යුතු වේ. අදාළ බංගලාවලින් ලබාගත හැකි ආහාර පාන විස්තරයක් පහත දැක්වේ. මෙය සාමාන්‍ය ආහාර පාන වට්ටෝරුවක් වන අතර වෙළඳපොළ පවතින පහසුකම් යටතේ ලබා ගත හැකි ආහාර හා මිල ගණන් වෙනස් විය හැක. ඔබගේ අවශ්‍යතාවය පරිදි බංගලා භාරකරු මඟින් ආහාර සකස් කර ගත හැකි අතර මිල ගණන් කලින් සාකච්ඡා කර ගැනීම යෝග්‍ය වේ.
ආහාර පාන සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සපයා දීමෙන් හා ඒ සඳහා යන වියදම් ගෙවීමෙන් ද ඔබගේ ආහාර පාන අවශ්‍යතාවය ඉටු කර ගත හැක.
ආහාර වේල | සැපයිය හැකි සාමාන්‍ය ආහාර වර්ග | එක් පුද්ගලයෙකු සඳහා මිල (රු) |
උදෑසන ආහාර |
|
|
දිවා / රාත්‍රී ආහාර |
|
|
රාත්‍රී ආහාරය |
|
|
තේ |
|
|
අතුරුපස (පාලන මිල/ ලකුණු කළ මිල ) |
|
|
- සංචාරක බංගලාවෙන් ආහාර ලබා ගන්නේ නම් සංචාරක බංගලාවට යාමට පෙර සංචාරක බංගලා භාරකරුට දැනුම් දිය යුතුය.
- නවාතැන් ගන්නා පුද්ගලයින් සංචාරක බංගලාවෙන් ආහාර ලබා ගැනීම වෙනුවට ආහාර පාන සැකසීමට අවශ්‍ය අමු ද්‍රව්‍ය ලබාදෙන අවස්ථාවන්හිදී එක් වේලක් සඳහා ආහාර පිළියෙළ කිරීමට එක් පුද්ගලයෙකුගෙන් රු. 40.00 ක සේවා ගාස්තුවක් අය කරනු ලැබේ.
- වෙනත් අමතර ආහාර වර්ග ඇනවුම් කරන්නේ නම් ඒ සඳහා අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇත.
☛ සංචාරක බංගලා වෙන් කිරීමේ අවස්ථාවන් පරීක්ෂා කිරීම
- සංචාරක බංගලා වෙන් කිරීමේ අවස්ථාවන් පරීක්ෂා කිරීම
Click This Link
ස්වදේශ කටයුතු අංශය සතු සංචාරක බංගලා
This page is under construction
අමාත්‍යාංශ
දෙපාර්තමේන්තු
- ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව
- විගනකාධිපති දෙපාර්තමේන්තුව
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
- ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව