පුවත්
පුවත්
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන ඉ - ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.05 දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි .
කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ මෙම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබා දීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.
ආකර්ෂණීය බව, නිවැරදි බව හා පිළිගැනීම වැඩි ආරක්ෂිත උපාංග ඇතුළත් මුද්‍රිත සහතිකයක් ලබාදීම ද අරමුණ කර ගෙන ඉ - ජනගහණ ලේඛන වැඩසටහන ආරම්භ කරන ලදී.
මෙම උප්පැන්න සහතිකයේ දරුවාට ඉදිරියේ දී ලබා දීමට නියමිත ජාතික හැඳුනුම්පත් අංකය “මගේ අංකය” ලෙසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඇතුළත් කර ඇත. ඒ් අනුව දරුවකුට උපතේදීම අනන්‍යතා අංකයක් ලබා දීමට හැකියාව ලැබෙන අතර ඒ් තුළින් ජනගහණ ලේඛනයක් ගොඩ නැගීමට හැකියාව ලැබේ. ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට ලබා දෙන අංකය ජාතික හැඳුනුම්පත් අංක බවට පරිවර්තනය වේ.
මෙම උප්පැන්න සහතිකය සිංහල/ඉංග්‍රීසි හෝ දෙමළ/ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කරනු ලැබේ.
සහතිකයේ ඇතුළත් වන තොරතුරු
- උපන් ස්ථානය පිළිබඳ තොරතුරු
- මගේ අංකය
- සම්පූර්ණ නම ( සිංහල/ ඉංග්‍රීසි හෝ දෙමළ / ඉංග්‍රීසි)
- පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය
- මවගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය
මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න,අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක,රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ,කළුතර දිස්ත්‍රික් ලේකම් ගීනිගේ ප්‍රසන්න,අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් දිපා ලියනගේ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දන රණවිර ආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
කොළොම්තොට අභිනන්දන සාහිත්‍ය කලා මහෝත්සවය 2023-12-15
කොළොම්තොට අභිනන්දන "2023" කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ටවර් හෝල් රඟහලේ දී 2023.12.15 දින පැවැත්විණි.
මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 14 දෙනෙක් සඳහා කොළොන්තොට අභිනන්දන සම්මාන ප්‍රධානය කිරීම ද සිදු විය.
ඒ අනුව ප්‍රවීණ ගායන ශිල්පී ටී. එම් ජයරත්න, ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ, මහාචාර්ය කමල් වලේබොඩ , ප්‍රවීණ නර්තනාචාර්ය උපුලි පණිභාරත, කලාකාරිණී එම්. එස්. ශ්‍යාමලී ලීවේරා, කලාකරුවන් වන ඩග්ලස් සිරිවර්ධන, දයාන් විතාරණ, චින්තක පතිරණ, විමලරත්න අදිකාරී, එම්. සෝමසිරි, සුමිත් මුදන්නායක, බන්දුල ලක්ෂ්මන් ජයසිංහ, පත්මකුමාර වික්‍රමරත්න සිරිවර්ධන, සහ ප්‍රවීණ මහාචාර්ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ කරුණාරත්න බණ්ඩාර යන මහත්ම මහත්මීන් 2023 කොළොන්තොට අභිනන්දන සම්මානයෙන් අද දින පිදුම් ලැබිණි .
සාහිත්‍ය උත්සවය විවිධ සංස්කෘතික අංග වලින් විචිත්‍රවත්ව වු අතර ප්‍රාදේශීය මට්ටමින් විවිධ සාහිත්‍ය තරගාවලි අතරින් විශිෂ්ට ජයග්‍රහණ ලැබූ ජයග්‍රාහීන් සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම ද මෙහිදී සිදුවිය .
මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, මධුර විතාන, යදාමිණි ගුණවර්ධන, ප්‍රේමනාත් සී.දොලවත්ත, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක,
කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජි. විජේසිරි යන මහත්ම මහත්මීන්, කලාකරුවන්, ඇතුළු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
අනුරාධපුර දිස්ත්‍රික් ආහාර සුරක්ෂිත ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.31 දින උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, කේ. පී. එස්. කුමාරසිරි,යදාමිණි ගුණවර්ධන, කේ.එච්. චන්ද්‍රසේන, රෝහණ බණ්ඩාර විජේසුන්දර යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, උතුරු පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් එම්.ජේ.කේ ජයසුන්දර, ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් ඇතුළු උතුරු මැද පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල ජනගත කිරීම අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.31 දින පැවැත්විණි.
රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, යදාමිණි ගුණවර්ධන, හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම් රංජිත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, උතුරු පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ගාමිණී සේනාරත්න යන මහත්වරු මෙන්ම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
76 වන නිදහස් දින සැමරුමේ ප්‍රථම අනු කමිටු රැස්වීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.10.13 දින ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත 76 වන නිදහස් දින උළෙල සම්බන්ධව ප්‍රථම අනු කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.13 දින ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය , ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ නිදහස් උත්සවයට සම්බන්ධ අමාත්‍යාංශ වල රාජ්‍ය නිලධාරින් මෙම ප්‍රථම අනු කමිටු රැස්වීමට එක් විය.
මෙම රැස්වීම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) කමල් ගුණරත්න, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන් මෙන්ම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
නවතම පුවත්
- ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දෙන බවට චීනය සහතික වෙයි
- China assures continued support for Sri Lanka's debt restructuring process (2)
- උඩුගම මූලික රෝහලේ සිව් මහල් ගොඩනැගිල්ල සහ නියාගම ප්‍රාදේශීය රෝහලේ තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර ජනතා අයිතියට පත් කිරීම
- පුත්තලම, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල ජනතා අයිතියට...
- ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සොයා බැලීම පිළිබඳ සාකච්ඡාවක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් (2024.03.07).