විශිෂ්ඨ සේවා සම්පාදනය සඳහා පරිපූර්ණ කාර්ය මණ්ඩලයක් නිර්මාණය කිරීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු පාලන අංශය සංවිධානය කළ ආකල්ප සංවර්ධන දේශනය
කැලණි විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා විසින් 2024.02.21 කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රාජකාරී කටයුතු සඳහා ඇති අභිප්‍රේරණය වැඩිදියුණු කිරීම හා ඵලදායිතාවය ඉහළ නැංවීම උදෙසා මසකට වරක් මෙවැනි ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිතයි.

මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සහ අමාත්‍යාංශය අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයින් රැසක් එක්ව සිටියහ.

 

2  2

2  2

2  2

2  2

2  2

2  2

2  2

2  2

2  2

2  2

2  2

2  2

2  2

2  2

2  2

2  2

2  2

 

 

අභිමානවත් 76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල 2024-02-04 ගාලු මුවදොර පිටියේ දී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්විණි.

"හදමු අලුත් රටක්" යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම උළෙල පැවැත්විණි.

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිගනු ලැබුවේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ , කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න , කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජි විජේසිරි, අතිරේක ලේකම් එච්.එම් නන්දසේන යන මහත්වරුන් විසින්.

මෙවර නිදහස් උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ගරු තායිලන්ත අග්‍රාමාත්‍ය සේතා තව්සින් මහතා ඉන් අනතුරුව උත්සව භූමියට පැමිණියේය.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින්.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්තවීම සැල කෙරෙන හොරණෑ වාදය කිරීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩ බලන පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා උත්සව භූමියේ ප්‍රධාන කොඩි කණු අසලට කැඳවාගෙන ඒම සිදුවිය.

ඉන් අනතුරුව මඟුල් බෙර වාදන හා ජය සක් හඬ මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිපිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.

ජනාධිපති උත්තමාචාර ආචාර්ය වෙඩිමුර 21 ක් පිරිනැමීම ඉන් අනතුරුව සිදුවිය.

නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සහ ශිෂ්‍ය භට සාමාජිකයන් 6002 ක් සහභාගී වු අතර, යුද හමුදා සාමාජිකයන් 3042 ක්, නාවික හමුදා සාමාජිකයන් 917 ක්, ගුවන් හමුදා සාමාජිකයන් 605 ක්, පොලීසියෙන් 299 ක්, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 209 ක්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් 379 ක් සහ ජාතික ශිෂ්‍යභට බලකායෙන් 500 ක් ඊට ඇතුළත්ය.

පෙළපාලියට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ 111 ක් ද ඇතුළත් අතර විශ්‍රාමික නිලධාරීන් 22 දෙනෙකු සහ ආබාධිත නිලධාරීන් විසි නව දෙනෙකු එහි ගමන් ගන්නා ලදී.

උත්සව භූමියට ඉහළින් අහසේ සිට ගුවන් හමුදා ප්‍රහාරක යානා නිදහස් උත්සවයට සමගාමීව සන්දර්ශනයක් පැවැත්විණි. එමෙන්ම මනරම් පැරෂුට් සන්දර්ශනයක් ද පැවැත්විණි .

 

76 වන ජාතික නිදහස් උත්සවය සඳහා මහා සංඝරත්නය සහ සෙසු ආගමික පූජකවරුන් ද , විදෙස් තානාපතිවරුන් , මහකොමසාරිස්වරු ඇතුළු රාජතාන්ත්‍රිකයින් හා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ , ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මෙන්ම රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරු මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී , නාවික හමුදාපති, ගුවන් හමුදාපති, වැඩ බලන පොලිස්පති ඇතුළු ආරක්ෂක ප්‍රධානින්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

 

2024 වසරේ රාජ්‍ය සේවයේ රාජකාරී කටයුතු ඇරඹීම

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නිල උත්සවය 2024.01 01 දින රාජ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ , කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක් වූ අතර එහිදී වසර ආරම්භයේදී රාජ්‍ය නිලධාරීන් ලබා දෙන ප්‍රතිඥාව ද ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී විජේසිරි, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන චන්දන රණවීර ආරච්චි, ආනන්ද වන්නිනායක, වරුණ ශ්‍රී ධනපාල, එච්. එම් නන්දසේන, ධම්මික මුතුගල,තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක යන මහත්ම මහත්මීන් සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

 

1  1

1  1

1  1

1  1

1  1

1  1 

1  1

1  1

1  1

1 1

ප්‍රදීප් යසරත්න මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම් ‍ ලෙස 2024.01.01 දින වැඩබාරගන්න ලදී.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා දිනේෂ් ගුණවර්ධන මහතා සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත මහතා , ජානක වක්කුඹුර මහතා මෙන්ම රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

1  1

1  1

1  

වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පස් මහල් ගොඩනැගිල්ල ගරු අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.17 දින විවෘත කරන ලදී.

වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පදිංචි පවුල් කීපයක් සඳහා ඉඩම් හිමිකම් බලපත්‍රය ලබාදීම ද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාව සඳහා සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, වෙළඳ වාණිජ්‍ය සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නාලින් ප්‍රනාන්දු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක , ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන ආනන්ද වන්නිනායක, එච්.එම් නන්දසේන යන මහත්ම මහත්මීන් මෙන්ම වත්තල ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

1  1

1  1

1  1

1  1

1  1

1  1

1  1

1  1

1   1