උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් දෝෂ සිදුවූවොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න - රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේන් උපදෙස්

උප්පැන්න , විවාහ සහ මරණ සහතිකවල මුල් පිටපත් තුළ දෝෂ වලක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ දී 2023.10.06 දින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමග පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලිවීමේදී ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් එම සහතික වල දෝෂ සිදුවූවොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

පැරණි රෙගුලාසි වෙනස් කර නව තාක්ෂණය සමඟ මෙම දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කාර්යක්ෂම මහජන සේවාවක් ඇති කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ. ඩී. ඩබ්ලිව් කුමාරසිංහ යන මහත්වරුන් මෙන්ම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

 

1  1

 

1  1

 

1  1

 

1  1

 

1  1

 

1  1

 

1  1

 

1  1

 

1  1

 

1  1

 

 

 

ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳ   සොයා බැලීමට විශේෂ කමිටුවක්  - රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියයි ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳ   සොයා බැලීමට විශේෂ කමිටුවක්  - රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියයි 
ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳ   සොයා බැලීමට විශේෂ කමිටුවක්  - රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියයි ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳ   සොයා බැලීමට විශේෂ කමිටුවක්  - රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියයි 
ග්‍රාම  නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ   ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ 2023.09.16 පැවැත්වූ  දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අතරතුර මාධ්‍යයට අදහස් දක්වමිනි. 
දෙදිනක් පුරා පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවේදී ග්‍රාම නිලධාරීන්ගේ පවතින ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එහිදී තීරණය වී ඇත්තේ ඔවුන්ට දැනට හිමි දීමනා වැඩි කිරීම සම්බන්ධ විශේෂ කමිටුවක් තුළින් තිරණය ගැනිමටයි.
රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේන්  සමන්විත  කමිටුවක් මඟින් ඉතා ඉක්මනින්ම ග්‍රාම  නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බවයි. දීර්ඝ කාලයක සිට ග්‍රාම නිලධාරීවරුන් තමන්ට හිමි දීමනා වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබිණි.

 

https://youtu.be/d9zRFaJA0FU

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන වැඩබලන අමාත්‍යවරයා ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පත්කර තිබේ. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා චීනය බලා ගොස් ඇති හෙයින් එතුමන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් අමාත්‍ය ධුරයේ වැඩ බැලීමට අශෝක ප්‍රියන්ත මහතා පත්කර තිබේ.

as

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ සේවය කල බහු කාර්ය සංවර්ධන සහායකයින්ට රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම්...

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ සේවය කළ බහුකාර්ය සංවර්ධන සහායකයින් කාර්යාල සේවයට බඳවා ගැනීම සඳහා වූ ස්ථිර රාජ්‍ය සේවයේ පත්වීම් ලිපි ප්‍රදානය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.09.05 දින ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණී.

බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන පෙරපුහුණු අභ්‍යාසලාභී කාල පරිච්ඡේදය සම්පූර්ණ කළ සියලු දෙනාට රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලබාදීට රජය ගත් තීරණයට අනුව මෙලෙස පත්වීම් ලබා දෙන ලදී .

1  1

1  1

1  1

1  1

බහු කාර්ය සංවර්ධන සහායකයින්ට රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම්...

බහුකාර්ය සංවර්ධන සහායකයින් කාර්යාල සේවයට බඳවා ගැනීම සඳහා වූ පත්වීම් ලිපි ප්‍රදානය සහ එක්දින පුහුණු සැසිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.06.30 දින රාජ්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදු කෙරිණී.

බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන පෙරපුහුණු අභ්‍යාසලාභී කාල පරිච්ඡේදය සම්පූර්ණ කළ 49 දෙනෙකු මෙලෙස පත්වීම් ලබාගත් අතර ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථිර සේවයට එක්වෙයි.

මෙම අවස්ථාව සඳහා
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක , කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ යන මහත්වරුන් , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් සහ පත්වීම්ලාභීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

1

1

1

1

1

1

v

1

1

1

1

1

1