රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවා ව්‍යවස්ථාව කඩිනමින් සකස් කර සේවකයින්ගේ උසස්වීම් පටිපාටිය විධිමත් කිරීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2022.11.16 දින බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව දීර්ඝ කාලීන ගැටලුවක් වන සේවා ව්‍යවස්ථාව පිහිටුවීමට තමා සෘජුව මැදිහත් වන බවත් ඒ තුළින් තෘප්තිමත් සහ කාර්යක්ෂම රාජ්‍ය සේවකයින් පිරිසක් බිහි කළ හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

වර්තමානයට ගැලපෙන පරිදි රාජ්‍ය සේවකයින් නව තාක්ෂණය සමඟ වෙනස් විය යුතුයි. ඒ තුළින් ලෝකයේ අනෙකුත් රටවල් සමග අප රට ද ඉදිරියට යා හැකියි. රටක නිවරදි දත්ත පද්ධතියක් තුළින් විවිධ අක්‍රමිකතා වලක්වාගත හැකි බව රාජ්‍ය අමාත්‍යය අශෝක ප්‍රියන්ත මහතා රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කියා සිටියේය. මහජනතාවගේ විශ්වාසය රැකීම දේශපාලනඥයා සේම රාජ්‍ය නිලධාරියාගේ වගකීමක බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක මහතා, රෙජිස්ට්‍රාර් ජෙනරාල් පී.එස්.පී අබේවර්ධන මහතා ඇතුළු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ. 

01  01

 

01  01

 

01  01

 

01  01

 

01  01

 

01  01

 

01  01

 

01  01

 

01  01

 

01  01

 

 a

ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ රත්නපුර දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම 2022.11.12 දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සහ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

රත්නපුර දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල එල්ලාවල, පවිත්‍රා වන්නිආරච්චි, ජෝන් සෙනෙවිරත්න, මුදිතා සොයිසා, ගාමිණී වලේබොඩ, වරුණ ප්‍රියන්ත ලියනගේ යන මහත්ම මහත්මීන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

 

1  2

3  3

3  3

3  3

3  3

3  3

 

"ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන සහ ජාතික ආහාර සුරක්ෂිතතා" වැඩසටහනෙහි මහනුවර දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 2022.10.29 දින පෙරවරුවේ, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා, සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මහනුවර දිස්ත්‍රික් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මහින්දානන්ද අලුත්ගමගේ, රවුෆ් හකීම්, යදාමිණි ගුණවර්ධන ඇතුළු මහජන නියෝජිතයෝ මෙන්ම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම් .පී මායාදුන්නේ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු, පේරාදෙණිය සරසවියේ මහාචාර්ය එච්. එම්. ඩී. ඒ. හේරත්, සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය යන මහත්තුරු ආදි පිරිසක් එක්ව සිටියහ.

"ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන සහ ජාතික ආහාර සුරක්ෂිතතා" වැඩසටහනේ පුත්තලම සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රගති සමාලෝචන රැස්වීම්ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

 

2  2 

 

2  2

 

2  2

 

2  2

 

2  2

 

2  2

 

2  2

 

2  2

 

2  

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන සහ ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනෙහි මාතලේ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම 2022.10.29 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මැතිතුමාගේ සහ දිස්ත්‍රික්කයේ අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ , ක්‍රීඩා කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක , ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , මාතලේ දිස්ත්‍රික් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ , පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන යන මහත්වරු ඇතුලු දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම් .පී. කේ මායාදුන්නේ මහතා, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ කිරිවන්දෙණිය මහතා ඇතුළු ප්‍රජා සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකු ද එක්ව සිටියේය.

 

1  1

1  1

1  1

1  1

1  1

1  1

1  1