75 වන ජාතික නිදහස් උත්සවය " නමෝ නමෝ මාතා සියවසකට පියවරක් " යන තේමාව යටතේ  අභිමානවත්  අයුරින්   පැවැත්වීමට රජය  තීරණය කර තිබේ. 
 
මෙවර ජාතික නිදහස් උත්සවය සම්බන්ධයෙන්  2023.01.03 (අද ) දින පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ  ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි.
 
  මෙවර 75 වන  නිදහස් උත්සවයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව  මුද්දර දෙකක් නිකුත් කිරීමටත්,  රුපියල් 1000 ක් වටිනාකමින් යුත් කාසි 75 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කිරීමට නියමිතයි.  
  ප්‍රධාන උත්සවයට අමතරව  දිස්ත්‍රික්  සහ ප්‍රාදේශීය මට්ටමින්  විවිධ සංස්කෘතික අංග ඇතුළත් වැඩසටහන් පැවැත්වේ. 
 
ගරු  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පෙබරවාරි 04 දින  ජාතික නිදහස් උත්සවය මෙවර ගාලු මුවදොර  අභියස දී පැවැත්විමට නියමිතයි . 
 
මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන කේ ජී ධර්මතිලක, ආනන්ද වන්නිනායක, වරුණ ශ්‍රී ධනපාල, ධම්මික මුතුගල යන මහත්වරුන්, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්,  මෙන්ම ත්‍රිවිධ හමුදාවේ අංශ ප්‍රධානීන්, අමාත්‍යාංශ කිහිපයක රාජ්‍ය නිළධාරීන් රැසක් එක්ව සිටියේය. 
 

1 1

1 1

1 1

1 1

1 1

1 

රාජ්‍ය ආයතන වල කොඩිය අඩකුඹු කිරීම

 

බාගත කරන්න

Sinhala

English

Tamil

ජාතික ආහාර සුරක්ෂිතා වැඩ සටහනේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් 2022.12.16 දින හෝල්දී ගෝල් ශාලාවේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ,
වැවිලි හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත , කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා , ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සම්පත් අතුකෝරාල , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ , පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන , රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ , දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

 1 1

1 1

1 1

1 1 1

* 2023 වර්ෂයේ ආහාර නිෂ්පාදනයේන් ස්වයංපෝෂණය කිරීම රජයේ ඉලක්කයයි.
* මත් උවදුරෙන් දරුවා මෙන්ම වැඩිහිටියාද බේරා ගැනීම සියලු දෙනාගේම වගකීමක්.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවේදී කියයි.

2023 වර්ෂය ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම රජය ගෙන ඇති ඉලක්කය ජය ගැනීමට සියලු දෙනා සහාය ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී 2022.12.22 (අද) දින පැවැති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අමතමි .

ජාතික ආහාර සුරක්ෂිතාව වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්ක තුළ ආරම්භ කර ඇති ආහාර නිෂ්පාදන කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දෙන ලදී.

ධීවර කර්මාන්තය සුරැකීමෙන් ජාතික ආහාර සුරක්ෂිත භාවයට පිටුවහලක්.

දිස්ත්‍රික්කයන් තුළ කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මත් උවදුරෙන් දරුවන් මෙන්ම වැඩිහිටියන් ද මුදවා ගැනීමට සියලු දෙනා කැපවිය යුතුයි. ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ වෙත සියලු දෙනා සහාය දිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙම රැස්වීමේදී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ බිත්තර කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගිකයා රැකගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි. රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ මිරිදිය මසුන් නිෂ්පාදනය වැඩි කිරීම මාළු මිල පාලනයට රුකුලක් වන බවයි.

 

මෙවර දිස්ත්‍රික් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද , ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක , රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් කේ.ඩී. එන් රංජිත් අශෝක , ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන කේ. ජී ධර්මතිලක, ප්‍රභාත් අබේවර්ධන , ආනන්ද වන්නිනායක, වරුණ ශ්‍රී ධනපාල, ධම්මික මුතුගල යන මහත්ම මහත්මීන් සහ අමාත්‍යාංශ කිහිපයක රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

 

 1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනේහි කෑගල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම 2022.12.17 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සහ දිස්ත්‍රික්කේ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් නගරසභා ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව , රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, තාරක බාලසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිකා වික්‍රමසිංහ, සුදත් මංජුල උදයකාන්ත ගුණතිලක යන මහත්ම මහත්මීන් මෙන්ම පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් සහ ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් ද රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ , සබරගමු පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් , කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය .

1  1

1  1

1  1

1  1

1  1

1  1

1  1