2022.01.21 වෙනි දින විවෘත කිරීමට නියමිත නෙළුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව සිව්මහල් ගොඩනැගිල්ල.
වියදම රුපියල් මිලියන 52.6

neluwa new ds1

2022.01.21 වෙනි දින විවෘත කිරීමට නියමිත නාගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව සිව්මහල් ගොඩනැගිල්ල.
වියදම රුපියල් මිලියන 91.4

nagoda new ds1

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට අයත් හොඳම සංචාරක නිකේතන ලෙස මුලතිව් සංචාරක නිකේතනය තෝරාගෙන තිබේ.
ඒ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පසුගිය වසරේ සිදුකළ නිරීක්ෂණයන්හි ප්‍රගති වාර්තාව අනුවයි.

මුලතිව් සංචාරක නිකේතනය වියළි කලාපයක පිහිටියේ වුවද ගෙවතු අලංකරණය කරමින් පරිශ්‍රය පිරිසුදුව හා ප්‍රසන්න බවකින් යුක්තව පවත්වාගෙන ගොස් තිබේ. එහි භාරකරු ලෙස 2014 සිට අද දක්වා සේවයේ නිරතව සිටින්නේ අම්ර්තලිංගම් පාස්කරන් මහතාය. ඔහු විසින් එහි පැමිණෙන සංචාරකයින්ගේ සිත්ගන්නා අයුරින් සංචාරක නිකේතනය පවත්වාගෙන ගොස් ඇත.

රාජකාරි වපසරියෙන් ඔබ්බට ගොස් පෞද්ගලිකව කැපවීම, උද්යෝගය,උනන්දුව සහ සුහදශීලී බව අගය කරමින් මුලතිව් සංචාරක නිකේතනයේ භාරකරු අම්ර්තලිංගම් පාස්කරන් මහතාට පසුගියදා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්. එම් චිත්‍රානන්ද මහතා විසින් සම්මානයක් ලබා දෙන ලදී.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සතුව දිවයින පුරා විසිරී ඇති සංචාරක බංගලා 35 ක් පවතින අතර ඒවා රාජ්‍ය/අර්ධරාජ්‍ය නිලධාරීන්ට / විශ්‍රාමිකයින්ට වෙංකර ගැනීමේ ඇකියාව ඇත. ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, අන්තර්ජාලය හරහා වෙංකර ගැනීමේ හැකියාව ද මේ වන විට සපයා ඇත.

 

circuit 2

2022.01.21 වෙනි දින විවෘත කිරීමට නියමිත යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව තෙමහල් ගොඩනැගිල්ල.
වියදම රුපියල් මිලියන 52.4

yakkalamulla new ds2

උදා වූ 2022 වසරේ සුභ මොහොතින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය නිලධාරීන් රාජාකාරී ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි .
සියලු ආගමික වතාවත් මෙන්ම රාජ්‍ය සේවක ප්‍රතිඟඳාව ද ලබා දීමෙන් පසු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් මෙලෙස නව වසරේ රාජාකාරි ආරම්භ කළේය.
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨෂ්ඨ නිලධාරීන් , කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව සිටියේය.

1  1

1  1

1  1

1  1

1  1