මාසිකව පැවැත්වෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අද( 30) ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි පැවැත්විණි. ඒ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ලේකම් එක්. එච් .එම් චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන්.

අද දින පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවේදී රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සමාජ ආරක්ෂක මණ්ඩලය වැනි ආයතන සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවතින ගැටලු සාකච්ඡාට ලක්විය . විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීමේ ක්‍රියාවලිය දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණ යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩයස් මහතා දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරන ලදී.

දිස්ත්‍රික් ලේකම් සමුළුව ස්වදේශ කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය වන නිල මැදුරේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දක්වමින් ස්වදේශ කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේ වර්තමානයට ගැළපෙන නව පරිපාලන ක්‍රමවේදයක් ඇති කළ යුතු බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා “වර්තමාන සංවර්ධන ක්‍රියාවලියට ගැළපෙන ආකාරයේ පරිපාලන ව්‍යුහයක් ඇති කළ යුතුයි. මහජනතාවගේ ගැටලු ඉතා කඩිනමින් විසඳීමට දිස්ත්‍රික් ලේකම්වරු සෘජුව මැදිහත් විය යුතු“ බවත් පැවසීය.

රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නාමාවලියේ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලෙස “කල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය“ 2021.03.02 දින ජනගත කෙරිණි. රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතානගම මැතිණියගේ අතින් විවෘත වූ මෙම නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රත්නපුර දිස්ත්‍රික්කයේ 18 වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. මෙම කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ජනගත කිරීමට සාපේක්ෂව කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රථම ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ii වන ශ්‍රේණියේ නිලධාරිනියක වන පී.ජී.එන්. වීරසූරිය මහත්මිය රාජකාරි භාර ගැනීමද සිදු විය.

වර්ග කිලෝ මීටර් 93.9 ක් වපසරියකින් යුක්ත කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල පවුල් 4108 කට අයත් 14734 ක ජනගහනයක් ජිවත් වන අතර මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ග්‍රාම නිලධාරී වසම් 12 කින් යුක්ත වේ. ග්‍රාම නිලධාරී වසම් 53 කින් යුක්තව තිබු බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ප්‍රතිශෝදනය කරමින් වසම් 41 ක් හා 12 ක් වශයෙන් වූ බලන්ගොඩ හා කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ද්විත්වය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2148/28 හා 2019/10/29 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් ස්ථාපිත කර ඇත.

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ රජයේ වැඩසටහන යටතේ වසර කාලයක් අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස සේවය කළ නවන නිලධාරීන් සියලු දෙනාට ස්ථිර පත්වීම් ලබා දීම අද දින සිදු විය. මෙම වැඩසටහනට සමගාමීට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාතයාංශයට අනුයුක්ත උපාධිධාරී අභ්‍යාසලාභීන්ට ස්ථාර පත්වීම් ලබාදීම අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මේ අනුව සංවර්ධන නිලධාරී (III) ලෙස නවක නිලධාරීන් 50 දෙනෙකුට ස්ථිර පත්වීම් ලැබිණි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට පත්කරන ලද එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා අද (02) පෙරවරුවේ සිය ධුරයෙහි වැඩ භාරගැනීම ස්වදේශ කටයුතු අමාත්‍යාංශ නිල මැදුර පරිශ්‍රයේදී සිදු කෙරිණි.