තොරතුරු තාක්ෂණ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ  රැකියා අවස්ථාවන් සදහා රාජ්‍ය අංශයේ සේවකයන් සුදානම් කිරීම සදහා   "Refresher Bootcamp" ප්‍රථම පුහුණු වැඩසටහන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සහ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ දී (අද) 2022.12.06 දින පැවැත්විණි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීයමය සංවිධාන සහ
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මෙම වැඩසටහනට පූර්ණ සහාය ලබාදෙයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කළ  රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 14/ 2022 හි ප්‍රතිපාදන අනුව, සියලුම රාජ්‍ය අංශයේ සේවකයින්ට රාජ්‍ය අංශයෙන් බැහැරව සේවය කිරීම සඳහා (මෙරට හෝ විදේශීය) වසර පහක් (05ක්) දක්වා වූ නිවාඩු ලබා ගැනීමේ චක්‍රලේඛය ද වර්තමානයේ ක්‍රියාත්මක වේ.

එම චක්‍රලේඛය පරිදි    රැකියා අවස්ථා සඳහා තාවකාලික නිවාඩු අපේක්ෂා කරනු ලබන රාජ්‍ය අංශයේ රැකියාවන්හි නියුතු තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්  සඳහා මෙම වැඩසටහන  හඳුන්වා දී ඇත.  

  මෙම සමාරම්භක සැසිය හා දැනුවත් කිරීමේ  වැඩසටහනට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුණ ශ්‍රී ධනපාල , තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන, CSSL ආයතනයේ සභාපති දමිත් හෙට්ටිහේවා,
SLASS COM ආයතනයේ අධ්‍යක්ෂක අර්ජුන් නානයක්කාර, BCS ආයතනය නියෝජනය කරන මහාචාර්ය ලසිත් ගුණවර්ධන යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියේය.

1 1

1 1

 

1 1

 

1 1

 

1 1

 

1 1

 

 

A progress review meeting on the construction of the new Divisional Secretariat Buildings at Homagama, Jaela, Wattala under the Ministry of Home Affairs was held under the chairmanship of the Minister of State for Home Affairs Mr. Ashoka Priyantha on 01.12.2022 at the Ministry Auditorium.

1 1 

1 1

1 1

1 1

1 1

දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිකරමින් පවතින ගොඩනැගිලි කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කරන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2022.11.29 දින රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කිහිපයක ගොඩනැගිලි ඉදිකරන කොන්ත්‍රාත් සමාගම් වල නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

මඩකලපුව , ගාල්ල, කෑගල්ල , පොලොන්නරුව යන දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඉදිවෙමින් පවතින ගොඩනැගිලිවල ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම මෙහිදී සිදුවිය.

නියමිත දිනට සහ ප්‍රමිතිය පිළිබඳව සෑහීමට පත් නොවන කොන්ත්‍රාත් සමාගම් අසාදු ලේඛනගත කිරීමට අදාල නිළධාරීන්ට මෙහිදී රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා උපදෙස් ලබා දුන්නේය. වර්තමානයේ කොන්ත්‍රාත්කරුවන්ට පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ජනතාවගේ බදු මුදල් ජනතාවගේ සේවය වෙනුවෙන් යෙදවීම සිදුකල යුතු බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පරිපාලන අවශ්‍යතාවය මත මෙම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිලි ඉදි වෙමින් පවතී.

මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක, අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) එච්.ඩබ්.
.එස්.පී ජයවර්ධන , මඩකළපු දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලායි කරුණාහරන් යන මහත්වරුන් මෙන්ම අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සැලසුම් අධ්‍යක්ෂකවරුන් සහ රාජ්‍ය නිලධාරීහු රැසක් එක්ව සිටියේය.

1 1 

1 1

1 1

1 1

 1

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතාව වැඩසටහනේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ප්‍රගති සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මැතුමාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 2022.11.30 දින පැවැත්විණි.


මෙම සාකච්ඡාව සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සැලසුම් අධ්‍යක්ෂ නිලධාරීන් සහභාගි විය.

* ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු ක්‍රියාකාරකම්,

* ගෙවතු සංවර්ධනය යටතේ පෝෂිත ගෙවත්තක් නිර්මාණය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය

* කෘෂි කාර්මික කටයුතු සඳහා අවශ්‍ය පොහොර බෙදාදීම

* පෝෂණ ඌනතා සහිත දරුවන් සහ ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යන අංශ පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මෙම සාකච්ඡාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු වන ආනන්ද වන්නිනායක, වර්ණ ශ්‍රී ධනපාල , පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්. එම්.එස් හේරත් , ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චේතිය වීරසූරිය මහත්වරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

1 1 

1 1

1 1

1 1

1 1