74 වන නිදහස් දින සැමරුම් උත්සවයේ දෙවන සංවිධාන කමිටු රැස්වීම දෙසැම්බර් 15 වන දින නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.

අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක්" යන තේමාව යටතේ 74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අභිමානවත්ව පැවැත්විමට තීරණය කර ඇති බව මෙහිදී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේය.
නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව ආගමික වතාවත් සිදුකිරීම, විදේශීය ආරාධිතයින් සහ දේශීය විශේෂ ආරාධිතයින්ට ආරාධනා කිරීම මෙන්ම ආසන වෙන් කිරීම, උත්සව භූමියේ පරිශ්‍රයෙහි ඉදිකිරීම් කටයුතු සහ ආචාර පෙළපාලිය හා සංස්කෘතික පෙළපාලිය යන අංශ පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

ජාතික නිදහස් උත්සවය නිසි ස්‍යෙඛ්‍ය ක්‍රමවේදයට අනුකූලව පූර්ව එන්නත්කරණයට ලක්වූ අය පමණක් සහභාගී කළ යුතු බව මෙහිදී තීරණය කළේය.

74 වන නිදහස් උළෙල සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවලට පැවරී ඇති වගකීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවිය.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් බුවනෙක බී.හේරත් මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී.ධර්මතිලක මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙන්ම ආරක්ෂක අංශ වල ප්‍රධානීන් සහ අමාත්‍යාංශ කිහිපයක අංශ ප්‍රධානීන් රැසක් එක්ව සිටියේය.

 

2  1

2  1

2  1

2  1

2  1

2  1

2  1

2  1

ප්‍රාදේශීය මට්ටමෙන් නව ගොවි ව්‍යවසායකින් බිහි කළ යුතුයි - අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

කාබනික පොහොර නිෂ්පාදනය උදෙසා ප්‍රාදේශීය මට්ටමෙන් නව ගොවි ව්‍යවසායික බිහිකිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක , ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අමතමිනි.
ගොවිපොළ සඳහා කාබනික පොහොර යෙදීමේ දී ගොවි මහතුන් ඊට හුරු කිරිම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළ යුතු බව අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙන ලදී. ඒ තුළින් වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීමේ රජයේ වැඩ පිළිවෙල සාර්ථකව කර ගත හැකියි.
දිස්ත්‍රික් ලේකම්වරුන්ට රාජකාරී මට්ටමින් පවතින ගැටලු සොයා බලා ඊට විසඳුම් ලබාදීමට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවශ්‍ය කටයුතු මෙහිදී සිදු කරන ලදී.
වාරිමාර්ග අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවල වැඩසටහන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදු කිරීමේදී පවතින ගැටලු නිරාකරණය කිරීම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවේදී සිදුවිය.
කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම උදෙසා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පවතින ගැටලූ සොයා බැලීම සඳහා මාසිකව මෙම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මේ අවස්ථාවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ. ජී ධර්මතිලක යන මහත්වරු මෙන්ම අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

නිරෝධාන ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව අද (30) වනවිට පවුල් 727,339 ක් සඳහා ගෙවීම් සිදුකර අවසන් බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

ජීවනෝපාය අහිමි වූවන් සඳහා රු 2000 දීමනාව ගෙවීමේ ප්‍රගතිය පිළිබඳව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සමඟ අද අමාත්‍යය චමල් රාජපක්ෂ මහතා zoom තාක්ෂණය ඔස්සේ සොයා බැලීමක් කළේය.

ග්‍රාම නිලධාරීවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සකසා අවසන් බවත් ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ග්‍රාම නිලධාරී වරුන්ගේ ගැටළු විසදීම සඳහා වෘත්තීය සමිති 11ක නායකයින් සමග ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (15) පැවති සාකච්ඡාවක දී.

ග්‍රාම නිලධාරි වරුන්ගේ සේවා ව්‍යවස්ථාව ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු පසු ඔවුන්ගේ පවතින ගැටලු වලට නිසි විසදුම් ලැබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

වසර ගණනාවක සිට ග්‍රාම නිලධාරීවරුන් ගේ පවතින ගැටළු සඳහා විසඳුම් ලබාදී ඇති බවත් ඉතිරි වී ඇති අනෙකුත් ගැටලු සඳහා අවශ්‍ය විසදුම් ලබාදෙන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම් .එච්. එම් චිත්‍රානන්ද මහතා වෙත අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව සඳහා සුදුසුකම් ලබා මෙතෙක් එම දීමනාව නොලැබුණු, පුද්ගලයින් ඇත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අභියාචන ඉදිරිපත් කළ හැකි බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද පැවසුවේ එම අභියාචන තමන් පදිංචි ප්‍රදේශයේ භාර ග්‍රාම නිලධාරිවරයා හරහා ඉතා කඩිනමින් ඉදිරිපත් කළ යුතු බවයි.